වංගුවකදී වේගය පාලනය කරගත නොහැකිව පාපැදිය විදුලි කණුවක ගැටී දස හැවිරිදි සිසුවා මරුට

143

දික්වැල්ල ගොඩඋඩ බටහිර ලුණුකලපුව ප්‍රදේශයේ ගෙදරවත්ත නමැති ප්‍රදේශයේදී තද බෑවුමක් සහිත මාර්ගයක් පාපැදියකින් බසිමින් සිටි දස හැවිරිදි පිරිමි ළමයෙකු වංගුවකදී වේගය පාලනය කර

ගැනීමට නොහැකිවීමෙන් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ආසන්නයේ පිහිටි දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමටත් පෙර පෙරේදා (12) මරුමුවට පත්ව ඇතැයි දික්වැල්ල පෙලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි මාතර බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම්. එම්. සයුල් ජිත්වින් නමැති දස හැවිරිදි ශිෂ්‍යයෙකි.

පිරිමි ළමයි තිදෙනකු සිටින පවුලක ඔහු බාලයාය. නිවසේ කිසිවෙකුට නොකියා සිය වැඩිමහල් සොහොයුරාගේ පාපැදිය ගෙන අසල පදිංචි සම වයසේ මිතුරන් සොයා යෑමේදී මෙම අනතුර සිදුවී ඇත. වෙනදා ඔහු මිදුලේ පමණක් පාපැදිය පදින බව වැඩිමහල් සොහොයුරා කීය. දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජය ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් ( 56120) සරත්, (67067) නිශාන්, පොලිස් කොස්තාපල් (99358) කවිෂාන් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment