වංචාව, දූෂණය හා රටේ බලය කීප දෙනකු අතට පත්වීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහායක් නෑ – හිටපු ජනපති මෛත‍්‍රී කියයි

176

වංචා දූෂණ අක‍්‍රමිකතා සහ රටේ බලය කිහිප දෙනකු අතට පත්ව තිබීම නිසා මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහාය නොලැබෙන බව හිටපු ජනාධිපති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දේශපාලනය, ආර්ථිකය හා ජාත්‍යන්තරය මෙම ආණ්ඩුව අවුල් කර ගෙන තිබෙන බව හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කෝට්ටේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් පෙරේදා (26දා) සඳහන් කළේය.

ජාත්‍යන්තරය අපට ආධාර ලබා දෙන්නේ ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා බවත් ඒ සඳහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් රැකීම නීතිය හා සාමය ආරක්‍ෂා වීම අවශ්‍ය බවත් ඒත් අප බේරාගන්න කියා කෑගහන්නට අපටත් සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment