වකුගඩු , ජලභීතිකා , පිළිකා වැනි රෝග සඳහා චීනයෙන් ඖෂධ

130


චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් මෙරටට ලැබී ඇත. වකුගඩු , ජලභීතිකා , පෙනහළු ආසාදන ,පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ. එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං මහතා විසින් ඊයේ භාරදෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment