වකුගඩු රෝගීන්ගේ ජීවිත සුරකින්න ‘සුවසර ගී දැහැන’ හෙට නෙළුම් පොකුණේදී

64

වකුගඩු රෝගීන්ගේ ජීවිත සුරක්‍ෂිත කරලීමට දායකවෙමින් ජනප්‍රිය ශිල්පීන් හා ශිල්පිනියන් 12 දෙනකු ස්වෙච්ඡාවෙන්ම ගායන දායකත්වය දක්වන ‘සුවසර ගී දැහැන’ සංගීත ප්‍රසංගය හෙට (25 වැනිදා) සවස 6 සිට 10.00 දක්වා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

යුද හමුදා සංගීත කණ්ඩායම හා නර්තන කණ්ඩායම ස්වෙච්ඡාවෙන්ම දායකත්වය සපයන මෙම ප්‍රසංගයේදී සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනි, ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, සමනලී, ඉන්ද්‍රචාප, ළහිරු සහ මිහිඳු තම මියුරු ගී මුසු කරති. ජගත් වික්‍රමසිංහ සංගීතය මෙහෙයවීම සිදුකරන අතර කථනය වජිර ජයවර්ධන ගෙනි. ප්‍රවේශපත්‍ර ticket.lk සහ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ දු. අංක 0112680051 වෙතින් විමසා දැනගත හැකි බව විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ‘දිවයින’ට කීය.

advertistmentadvertistment
advertistmentadvertistment