වකුගඩු රෝගීන් වෙනුවෙන් චීනෙන් පරිත්‍යාගයක්

124

රුපියල් කෝටි 60 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂැන්හොං මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීය.ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දේ.

advertistmentadvertistment
advertistmentadvertistment