වගාවට පොහොර ඉල්ලා සේරුවිල ගොවියෝත් පාරට බසිති

86

වහාම තම ගොවිතැනට අවශ්‍ය පොහොර ලබා දෙන්නැයි රජයට බල කරමින් ඊයේ (18දා) සේරුවිල ගොවි ජනතාව පාරට බැස මාර්ග අවහිර කරමින් පැයක පමණ කාලයක් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

සේරුවිල අල්ල ගොවි සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට ගොවීන් දෙදහසක් පමණ සහභාගි වී සිටි අතර වාහන ගමන් කිරීමට විකල්ප මාර්ග යොදා ගැනීමට පොලිසිය විසින් ක‍්‍රියා කර තිබුණි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදු පෙරමුණ සේරුවිල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධම්මකිත්ති හිමියන් ද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ සහ සේරුවිල – සුගත්

advertistmentadvertistment
advertistmentadvertistment