වගාවට වින කරන සතුන් 5ක් ආරක්ෂිත ලැයිස්තුවෙන් එළියට

1334

වනජීවී දෙපාර්තමේන්තුව විසින් රිළවා, වඳුරා, ඉත්තෑවා, වල්ඌරා සහ දඬුලේනා යන සතුන් වගාවනට හානි කරන සතුන් ලෙස හඳුන්වමින් ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

ඒ අනුව මෙම සතුන් පලවා හැරීමට ගොවීන්ට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අවසර ඇති නමුත් මෙම සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් වේ.

2022 වසරේ සිට මෙම සතුන් ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කර ඇති අතර වගාවන්ට හානි කරන සතුන් අතර ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙහි අලියා තවදුරටත් ඇතුළත් වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment