වගා සංග‍්‍රාමයකට ජනපතිගෙන් තරුණයිනට ආරාධනා

186


ආහාර සුරක්ෂිත තාවය සඳහා 2022 වසරේ තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කරමින් පැවසීය.ඒ අනුව වගා කළ හැකි සෑම ගොඩ මඩ ඉඩමක්ම යොදාගෙන වගා සංග‍්‍රාමයක් ආරම්භ කළ යුතුව ඇතැයි සඳහන් කළේය.මේ සඳහා සියලුම ගංගා ඇළ දොළ වාරි තාක්ෂණය යොදාගෙන නවීකරණය කර වාරි කර්මාන්තය දියුණු කරන බවද කීවේය.එහිදී හරිත ගොවිතැන සම්බන්ධ රජයේ ප‍්‍රතිපත්ති වෙනස් නොවන බවද පැවසූ ජනාධිපතිවරයා හරිත ගොවිතැන ආරම්භයේදී නිසි ලෙස ඒ ගැන ජනතාව දැනුවත් නොකිරීම නිසා එය දේශපාලනීය කරණයකට ලක්වූ බවද පැවසීය.තමා ජනපතිධුරයට පත්වීමේ සතුට පළ කරමින් තාප්ප වල චිත‍්‍ර ඇඳි තරුණයිනට වගා සංග‍්‍රාමයට එක්වන ලෙසද ජනාධිපතිවරයා ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment