වගා ළිදකට වැටි සිසුවෙක් මරු දකී

128

අනාරක්ෂිත වගා ළිදකට වැටි පාසල් සිසුවෙක් ඊයේ (13) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව බි‍්‍රඞ්වෙල් වතු යායේ පදිංචි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි භාරත් දර්ශන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවෙකි.
බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසල් ක‍්‍රිඩාංගණයේ (13) දින පැවති ක‍්‍රිකට් තරගාවලියක් නැරඹිමට යන බව දෙමව්පියන්ට පවසා ඇති මිය ගිය සිසුවා පස්වරුව තෙක්ම නිවසට නොපැමිණි නිසා දෙමව්පියන් විසින් භාරත් දර්ශන් සොයා ඇත.
ක‍්‍රිකට් තරගාවලිය නැරඹිමට භාරත් දර්ශන් නොපැමිණි බවට ඔහුගේ මිතුරන් විසින් දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු නිවස අවට දරුවා සොයා සිදු කල මෙහෙයුමකදි නිවසට ආසන්නයේ පිහිටි භාවිතයට නොගන්නා අඩි 6 ක පමණ ගැඹුරකින් යුත් වගා ළිදක හිස පහලට පාදයන් ඉහලට සිටින සේ සිරුරක් වගා ළිදෙහි තිබෙන බවට දුටු ප‍්‍රදේශවාසින් සිරුර ගොඩගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment