වජිරා චිත‍්‍රසේනට ඉන්දීය රජයෙන් ‘පද්ම ශ‍්‍රී’ සම්මානය

172

ශ‍්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය මෙරට ඉහළම නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය ඊයේ (17 දා) ඉන්දීය රජයෙන් පිරිනැමුණු ‘පද්ම ශ‍්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියගහ මන්දිරයේදී ඊයේ එම සම්මානය පුදකරනු ලැබීය.

ඉන්දීය ශ‍්‍රී ලංකා සංස්කෘතික සබඳතාව ශක්තිමත් කිරීමට වජිරා චිත‍්‍රසේන මහත්මිය කළ මෙහෙය මෙසේ ඇගයීමට ලක්කර ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබිණි.

එසේම පද්ම ශ‍්‍රී සම්මානයෙන් පුද ලැබූ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් ඇගේ දියණියක වන වත්සලා දසනායක මහත්මිය ඉකුත් 8 දා නවදිල්ලි නුවරදී රාෂ්ට‍්‍රපති භවන්හි පැවැති උත්සවයකදී පද්ම ශ‍්‍රී සම්මානය ඉන්දීය ජනපති රාම්නාත් කොවින්ද් මහතා අතින් ලබා ගත්තේය.

හින්දි භාෂාව වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් ඉන්ද්‍රා දසනායක මහත්මිය මෙලෙස බුහුමනට ලක්විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment