වටිනාකමින් ඉහළ පාංශු නිධි රැසක් ස්වීඩනයෙන් සොයාගනී

175


ඉතා දුර්ලභ සහ වටිනාකමින් යුත් රන් හා සමාන ඛනිජ සම්පත් වලින් යුතු පාංශු නිධි රැසක් ස්වීඩනයේ ආක්ටික් කවයට ඉහළින් උතුරු ස්වීඩනයේ රළු ප්‍රදේශය යට ගැඹුරට වැළලී ඇතැයි සොයාගෙන තිබේ.ඒ අනුව දුර්ලභ ඛනිජ ඔක්සයිඩ් ටොන් මිලියනයක් විද්‍යුත් වාහනවල භාවිතා කරන විශේෂ චුම්බක සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය වන ප්‍රෙසෝඩයිමියම් හෝ නියෝඩියමියම් ඔක්සයිඩ් තැන්පතුව මෙහි සමන්විතව ඇතැයි හදුනාගෙන ඇත. මේ අනුව මෙවැනි දුර්ලභ ඛනිජ සම්පත් සඳහා තවදුරටත් යුරෝපයට චීනය මත යැපීම අවසන් වීමේ ආරම්භය, සනිටුහන් කරන බව හොංකොං පෝස්ට් පුවත් ආයතනය වාර්තා කරයි.චීනය දැනට වටිනා භූ විද්‍යාත්මක වත්කම් සැපයීමේ ඒකාධිකාරයක් භුක්ති විඳිමින් සිටියි.ඒ අනුව එවැනි දුර්ලභ ද්‍රව්‍යවල මිල වැඩි කිරීම සහ ඒවා භූ දේශපාලනික මෙවලමක් ලෙස භාවිතා කරන බවද එම පුවත් ආයතනය පවසයි.ලෝකයේ වැඩිම විශාලතම දුර්ලභ ඛනිජ සංචිත ප්‍රමාණය චීනය සතුව ඇත. එය සියයට 37 ක් පමණ වේ.දුර්ලභ ඛනිජ සම්පත් පිරිපහදු කිරීම සහ සැකසීම සම්බන්ධයෙන් ගත් කළ සියලුම දුර්ලභ ඛනිජ නිෂ්පාදනයෙන් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් චීනය විසින් දරයි. ඇමරිකා එක්සත් ජනපදය සියයට 16 ක් ද මියන්මාරය සියයට 09ක් සහ ඕස්ට්‍රේලියාව සියයට 08ක් දරයි. මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම දුර්ලභ පාංශු නිධිය චීනයේ බයාන් ඔබෝ හි පිහිටා ඇත. ස්වීඩනයේ දුර්ලභ පාංශු ඛනිජ නිධි විශාල ප්‍රමාණයක් සොයා ගැනීමේ ප්‍රවෘත්ති වාර්තාවට අනුවල වඩාත්ම තීරණාත්මක සම්පත්වලින් එකක් ලෙස සැලකෙන දේ සැපයීම සඳහා යුරෝපය චීනය මත යැපීමෙන් නිදහස් කිරීමට නියමිත බවද සඳන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment