වටිනා මැණික රට පටවන්න යයි

417

රත්නපුරයෙන් හමුවූ මැණික් ගල සම්බන්ධයෙන් විදෙස් වෙළෙඳ ප්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ජාතික ස්වර්නාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේය.

නිව්යෝක් ටයිම්ස් සඟරාව මගින්ද මීට අදාල ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සති අන්තයේ පළවන විදෙස් සඟරාවන්හි ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන බවද හෙතෙම කීය.

මැණික් ගලෙහි විස්තර ලබා ගැනීම සඳහා අද (28) දිනයේදීද ස්වර්නාභරණ අධිකාරියේ නිළධාරීන් දෙදෙනකු රත්නපුර බලා යවා ඇති අතර එහි සභාපතිවරයා හෙට (29) මැණික් ගල නිරීක්ෂනය සඳහා පිටත්වයාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment