වඩමරච්චි හාට්ලි විද්‍යාලයේ සෙල්වචන්ද්‍රන්ගෙන්  අරුම පුදුම මෝටර් පාපැදියක්!

319

යාපනය වඩමරච්චි හාට්ලි ජාතික පාසලේ සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව ගමන් කළ හැකි මෝටරයකින් ක්‍රියා කරනු ලබන පාපැදියක් නිර්මාණය කොට තිබේ.

සෙල්වචන්ද්‍රන් සිරිමන් නමැති මෙම සිසුවා විසින් නිර්මාණය කොට ඇති පාපැදියේ පැඩලය ක්‍රියාත්මක කිරීමත් සමගම මෝටරය ක්‍රියාත්මක වී පාපැදියට ඉදිරියට ගමන් කිරීම සඳහා විදුලි බලය මෝටරය ඔස්සේ නිපදවෙන අතර ඊට පසුව පාපැදියේ පැඩලය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේ.

වඩමරච්චි හාට්ලි විද්‍යාලයේ සෙල්වචන්ද්‍රන්ගෙන්  අරුම පුදුම මෝටර් පාපැදියක්!

නව නිපැයුම සිරිමන් සිසුවා විසින් සිය විදුහලේ විදුහල්පතිවරයා ආචාර්ය මණ්ඩලය හා තවත් ආරාධිතයන් කිහිප දෙනකු ඉදිරියේ ප්‍රදර්ශනය කළ අතර එම අවස්ථාවට ඔහුගේ හිතාදර පාසල් මිතුරන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.

විද්‍යාලයේ විදුහල්පති තම්බයියා කලෙයිචෙල්වන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිසුවාගේ නව නිපැයුම පිළිබඳව හැඳින්වීමක් කළේය.

පාසල් යළි ආරම්භ වූ පසුව තමන් අලුතින් නිපදවන ලද මෝටරයක් සහිත පාපැදියෙන් පාසලට පැමිණෙන බව සෙල්වචන්ද්‍රන් සිරිමන් ශිෂ්‍යයා මෙහිදී ප්‍රකාශ කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment