වත්තට පැන කුරුම්බා කැඩූ තරුණයාට වෙඩි තබා මැරීමේ නඩුවේ විත්තිකරු නිදහස් – චෝදනා ඔප්පු කර නෑ

475

සිය වත්තට පැන කුරුම්බා ගෙඩි හතරක් කඩාගෙන බිව්වේ යැයි කියන 17 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරු වූ එරාජ් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ පුර්වගාමි මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඊයේ (15 දා) නියෝග කළේය.

පැමිණිල්ල විසින් ගොනු කර ඇති අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

2008 දෙසැම්බර් 14 වැනිදා ලියනගේ පුබුදු සංජීව නමැති තරුණයාව වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ රාජගිරිය ඔබේසේකරපුර මොරගහමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ අමාත්‍යවරයකුගේ ඥාති සොහොයුරකු යැයි කියන එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. එම වෙඩි තැබීමේ සිද්ධිය ඇසින් දුටු බව කියන මරණකරුගේ මිත‍්‍රයකු වන අමිල ප‍්‍රසාද් නමැති තරුණයා මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී අතුරුදන් වී ඇති බවට වැලිකඩ පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment