වත්තල – මාබෝල නගර සභාවේ යකා නැටූ එජාප මන්ත‍්‍රීට ඇප – ලේකම්ගේ ලැප්ටොප් පරිගණකයක් පොළවේ ගහලා

250

චෝදනා තුනක් යටතේ නඩු

පසුගිය හත්වැනිදා වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානී ඞී. ලොකුවැල්ල මහත්මියගේ නිල කාමරයට අයුතු ලෙස ඇතුළුවී එතුමියගේ රාජකාරියට බාධා කරමින් කාර්යාලයේ පුටු, මේස, දොරවල් සහ ලේකම්වරියගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනාකමින් යුතු ලැප්ටොප් පරිගණකයද පොළවේ ගසමින් කාර්යාලය තුළ ආවේගශීලීව හැසිරුණු වත්තල මාබෝල නගර සභාවේ පාලක පක්ෂයේ මංත‍්‍රී ලෙනාඞ් රෝහන මංත‍්‍රීවරයා වත්තල පොලිසිය විසින් පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා හමුවට ඊයේ (15 දා) සවස ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 2000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මහෙස්ත‍්‍රාත් වරයා නියෝග කර ඇත.

ලේකම්වරිය විසින් 07 වැනිදා සිදුවූ සිද්ධිය 8 වැනිදා වත්තල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කිරීමෙන් පසුව ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකාර මංත‍්‍රීවරයාට ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා 14 වැනිදා පොලිසියට කැඳවා තිබිණි. පසුව ඔහුට චෝදනා තුනක් යටතේ නඩු පවරමින් වත්තල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

වත්තල - මාබෝල නගර සභාවේ යකා නැටූ එජාප මන්ත‍්‍රීට ඇප - ලේකම්ගේ ලැප්ටොප් පරිගණකයක් පොළවේ ගහලා

තමා බස්නාහිර පළාතේ ප‍්‍රධාන ලේකම් සමග සූම් තාක්ෂණය ඔස්සේ ව්‍යාපෘතියක ප‍්‍රගති සමාලෝචනයක් සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡුාවක නිරත වෙමින් සිටියදී සිය නිල කාර්යාලය වෙතට පැමිණි ලෙනාඞ් රෝහන මංත‍්‍රීවරයා ඔහුගේ කොට්ඨාසයේ නොවන පෞද්ගලික හිතවතෙකුගේ ව්‍යාපාරික ගොඩනැඟිල්ලක වරිපනම් ගෙවීමක් පිළිබඳව කතා කිරීමට අවශ්‍ය බව පවසා ඇත. එහිදී තමන් අතිශය වැදගත් සාකච්ඡුාවක බැවින් එය ඉක්මනින් නිමාකර අදාල කරුණ ඉටුකර දෙන්නම් යැයි පැවසූ නමුත් ඔහු එය ගණනකට නොගෙන කාර්යාලය තුළ ආවේගශීලීව හැසිරෙමින් රාජ්‍ය දේපලවලට අලාභහානි සිදුකරමින් හැසිරුණු බවත් මීට ඉහත සිටි ලේකම්වරු දෙදෙනාට පහර දුන් විදියට තමාටද පහරදෙන බව පවසා පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනය කළ බවත් ලේකම්වරිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත. තම කාර්යාලයේ වැඩ අධිකාරිවරයාගේ කාර්යාලයේ දොර උපසභාපතිවරයාගේ නිල කාමරයේ දොර මෙන්ම සේවාලාභීන්ට අසුන් ගැනීමට තබා ඇති පුටු වැඩ අධිකාරිවරයාගේ පරිගණකය ඇතුලූ භාණ්ඩ රැුසකට මංත‍්‍රීවරයා විසින් අලාභහානි සිදුකර ඇත.

ඒ අවස්ථාවේ එහි පැමිණ සිටි අයෙකුටද පහරදී ඇති මංත‍්‍රී ලෙනාඞ් රෝහන නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ පැළද නොසිටි බවත් පුටු පෙරලමින් ඒවායින් දොරවල් වලට පහර දෙන අයුරුත් පිරිසක් එක්ව ඔහු සංසුන් කිරීමට උත්සාහ කරන අයුරුත් ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇත. රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධාකිරීම, රාජ්‍ය දේපලවලට අලාභහානි සිදුකිරීම සහ අයුතු ලෙස ඇතුලූ වීම යන චෝදනා මත සැකකාර මංත‍්‍රීවරයා ඊයේ (15 වැනිදා) සවස වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සීලෝගම මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය විසින් මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ සිදුකර ඇත. මෙම නඩුව ඔක්තෝබර් මස 12 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අදාල සිද්ධියේ සීසීටිවි දර්ශන නගර සභාවේ කැමරාවල දර්ශනය වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම, වත්තල – සරත් චින්තක,  බීටීකේ – ජාඇළ අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment