වත්තේගම ළමා නිවාසයෙන් පලා ගිය දැරියන්ගෙන් තිදෙනෙක් හමුවෙති

745


වත්තේගම මීගම්මන ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහුණු ළමුන් පස් දෙනෙකු පළා යෑමේ සිද්ධියට අදාළ ළමුන් තිදෙනෙක් අද වන විට සොයා ගැනීමට හැකිව තිබේ.
දවුලගල පොලිස් වසමේ ඥාති නිවසක රැඳී සිටී එක් ළමයෙක් අද අධිකරණය හමුවට පැමිණි වීමෙන් අනතුරුව ළමා නිවාසය වෙත බාරදී ඇත.

පළා ගිය තවත් එක් ළමයෙක් නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇය නාවලපිටිය පොලිසිය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි. අනෙක් ළමයා වත්තේගම පිහිටි සිය නිවස වෙත ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඇයද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සෙසු දරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ දිගින් දිගටම සිදුකරන බවත්
වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගසේකර මහතා පවසයි.

මෙම ළමුන් අධ්‍යාපන කටයුතු සඳහා ළමා නිවාසය ආසන්නයේ පිහිටි පාසලකට යොමුකර සිටියදී ඉකුත් 06 දා දහවල් 11.00 ට පමණ පළා ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment