වත්මන් ඇමැති නිදහස් සෞඛ්‍යය විනාශ කරනවා: 3 දාට පෙර විසඳුමක් නැතිනම් යළිත් වෛද්‍ය වර්ජනයක් GMOA කියයි

262

මෙරට නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය විනාශ කිරීමට වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා පිඹුරුපත් සකසමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘‘දිවයින’’ට ඊයේ (28 දා) පැවසීය.

රෝහල් කටයුතු දේශපාලනීකරණය කිරීමට ක‍්‍රියා කරන වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා නිසා ඉදිරියේදී රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය හැකි තත්ත්වයක් ඉස්මතුව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සිය සංගමයේ වෘත්තීය ඉල්ලීම් සඳහා මේ වන විට යම් ප‍්‍රතිචාරයක් ලැබී ඇතත් එය සාධනීය තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති නිසා ලබන 03 වැනිදා පවත්වන සාකච්ඡුාවෙන් පසුව නැවත දීප ව්‍යාප්ත වැඩවැරුමක් කරන්නේද යන්න තීරණය කරන බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

මේ යන විදිහට මේ සෞඛ්‍ය ඇමැතිවරයා සියලූ රෝහල් දේශපාලනීකරණයට යටත් කරවන ත්තත්වයක් තියෙන්නේ. ඔහු එය හැම අවස්ථාවකම කියා සිටිනවා. මේ රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය කඩා වැට්ටවීමේ ගෞරවය මේ සෞඛ්‍ය ඇමැතිවරයා ලබා ගනියි කියලා අපට විශ්වාසයි.

අපි මේ දිනවල මේ රටේ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ විපක්‍ෂය දැනුවත් කරනවා.

03 වැනිදාට පෙර අපේ ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් ලබා නොදුන්නොත් වර්ජනය හැර වෙන විකල්පයක් නැතිවෙයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment