වතුකරයේ දේශපාලනය සහ අභයාරාමයේ දේශපාලනය

1370

වතුකරයේ ජනතාව වෙත රජය මගින් බෙදාහරින සහනාධාර තිරිඟු පිටි සෑම කිලෝවක් වෙනුවෙන්ම රුපියල් දෙකක් ලබා දෙන්නැයි ලංකා වතු කම්කරු සංගමයේ ප‍්‍රධානියකු ආණ්ඩුවෙන් ඉල්ලා ඇතැයි  දැනගන්නට තිබේ. දෙමළ වතු කම්කරුවා යනු මේ රටේ සිටින අඩුම ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන කෙනෙකි. මධ්‍යකාලීන යුගයේ බි‍්‍රතාන්‍ය කම්කරු පංතියේ ප‍්‍රධාන ආහාරය වූයේ අර්තාපල් ය. ඔවුහු උදේට අර්තාපල් තම්බා කෑහ. දවල්ට අර්තාපල් පුළුස්සා කෑහ. ?ට අර්තාපල් සුප් හදා පානය කළහ. රටේ ලාභම ආහාර ද්‍රව්‍යය වූ අර්තාපල් හැර වෙන යමක් මිලට ගැනීමට මධ්‍යකාලීන බි‍්‍රතාන්‍ය කම්කරු පංතියට මුදල් තිබුණේ නැත. ඒ නිසා කාල් මාක්ස් කියූ පරිදි ඔවුන්ගේ ආහාර වේල සකස් වී තිබුණේ පළමුවත් අර්තාපල්, දෙවනුවත් අර්තාපල්, තෙවනුවත් අර්තාපල් යන සූත‍්‍රයෙනි. ලංකාවේ වතු කම්කරුවන්ගේ තත්ත්වයද මෙයමය. ඔවුන් උදේට කන්නෙත් පාන් පිටි රොටීය. දවල්ට කන්නෙත් පාන් පිටි රොටීය. ?ට කන්නෙත් පාන් පිටි රොටීය. මේ රොටී සඳහා බෙදාදෙන තිරිඟු පිටි වලින් රුපියල් දෙක ගණනේ ගසා කන එකෙක් වෙතොත් ඌ බන්ධනයට ලක් කළ යුත්තේ කවර වදයක් දීමෙන් පසුද යන කාරණය පවා අපට සිතා ගැනීමට බැරිය. දෙමළ වතුකරයේ ග`ද ගසන දේශපාලනය තුළ මෙවැනි කුණු වැඩ නිතර සිදුවෙයි. මෙය තමිල්නාඩුවේ පහල මධ්‍යම පාන්තික සහ දිළිඳු ජනයාගේ දේශපාලනය හා සමානය. මෙකී පහළ මැද පංතියට අයත් දිළින්දෝත් ඉතා නරක ලෙස දේශපාලනඥයන් වෙතින් අපහරණය වෙති. ඒ අතුරු කතාවකි. මුඛ්‍ය කතාව මෙතැන් සිට සාකාච්ඡා කරමු.

 දේශපාලනය සහ භික්ෂූත්වය යනු එකක් නොව දෙකකි. දේශපාලනඥයා රට පාලනය කරන අතර භික්ෂුව සසර ගමන කෙළවර කර ගැනීම සඳහා සිය සිත පාලනය කර ගනී. එහෙත් සිංහල රජ කාලයේ සිට මේ රටේ දේශපාලනය සහ භික්ෂූත්වය එකට පැටලී තිබිණ. රාජ්‍ය පාලනය කිරීම සඳහා භික්ෂූහු රජවරුන්ට අනුශාසනා කළහ. රජාට තද වූ විට ඔහු කඩුව උරුක් කරගෙන භික්ෂුව පසුපස පන්නා යෑම සිරිත විය. රාජාණ්ඩු සමයේ තත්ත්වය එය වුවද නූතන භික්ෂුව ගේ බලය අද බෙහෙවින් ඉහළය. යහපාලන ආණ්ඩුව පත් කිරීමට තනිකරම උරදෙන ලද්දේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ විසිනි. පසුකාලයේදී ඒ ආණ්ඩුවට උදව් කිරීම ගැන කනගාටු වූ උන්වහන්සේ රෝගීව අපවත් වූහ. දැනට තිබෙන පොහොට්ටු ආණ්ඩුව පත්කිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමය ප‍්‍රමුඛ මේ රටේ භික්ෂුන් වහන්සේලා විශාල වැඩකොටසක් කළහ. මහින්ද රාජපක්ෂ පරාජය වූ අවස්ථාවේදී ඔහුගේ බැස ගිය බැට්රි අභයාරාමයට ගෙන්වා ඒවා සම්පූර්ණයෙන්ම චාර්ජ් කර යළි පාවිච්චි කරන තත්ත්වයට පත් කළෝ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝය. එහෙත් ගෝඨාභය බලයට පත්වීමෙන් පසු අභයාරාම පාර්ශ්වයත් සමග මූලික විරසකයක් ගොඩනැෙ`ගන්නට පටන් ගත්තේය. තමන් බලයට පත්වුණේ වියත් මග නොහොත් කියත් මග නිසා බව ගෝඨාභය විශ්වාස කළ අතර ගෝඨාභය ජනාධිපති වීම පසුපස තමන් සිටි බවට භික්ෂුහු විශ්වාස කළහ. මේ අතර දිනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභයාරාමයට පැමිණි අතර එම පන්සලේ නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ගෝඨාභය විවේචනය වන පරිදි කතාවක් පැවැත්වුවද වැඬේ දුරදිග ගියේ නැත. එහෙත් ඉතා ස්වල්ප කාලයක් තුළ මුරුත්තෙට්ටුවේ හිමි සහ මැදගොඩ අභයතිස්ස හිමි ප‍්‍රමුඛ කරගත් මේ රටේ භික්ෂු බලවේගය සහ ආණ්ඩුව අතර නොගැළපීම් ඇතිවන්නට පටන් ගත්තේය. අන්තිමේදී මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් කොපමණ කෝපයට පත්වීද යත් උන්වහන්සේ ශේප් කර ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර පූජා කිරීමට පවා ආණ්ඩුවට සිදුවිය. මුරුත්තෙට්ටුවේ නායක හිමියන් විසින් එය භාරගත් නමුදු දෙපාර්ශ්වය අතර හොඳ හිත ඉතා ස්වල්ප කලකදී නිමවිය. මේ වනවිට මුරුත්තෙට්ටුවේ හිමියෝ ඉතා දැඩිව ආණ්ඩුවට පහර දෙති. උන්වහන්සේ කියන්නේම බැසිල් රාජපක්ෂ ඉවත් කළ යුතු බවකි. එහෙත් හාමුදුරුවන් එසේ කීවාට බැසිල් රාජපක්ෂ ඇමැතිකමින් පාර්ලිමේන්තුවෙන් හෝ දේශපාලනයෙන් ඉවත් කිරීමට රාජපක්ෂ සහෝදරවරුන් කැමති වන්නේ නැත. රාජපක්ෂ සහෝදරත්වයේ සංයුතිය මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල්, ශෂීන්ද්‍ර, නාමල් නමැති දේශපාලන ක‍්‍රියාධරයන් ගෙන් සෑදී ඇත. එසේම මේ හැම රාජපක්ෂවරයකුටම දේශපාලන අරමුණක් තිබේ. සාමාන්‍යයෙන් දේශපාලනයට එන සමූප කඬේ මැනේජර් පවා කල්පනා කරන්නේ ජනාධිපති වෙන්නේ කෙසේද යනුවෙනි. ඒ අනුව සමූපකාර මැනේජර් ලා නොවන ආරම්භයේ සිටම දේශපාලනය පමණක් කළ රාජපක්ෂවරුන්ගේ ජනාධිපති අරමුණු ඔවුන්ගේ පැත්තෙන් ඉතා සාධාරණය.

 කෙසේ හෝ වේවා මේ අරමුණු කුඩු පට්ටම් වන ප‍්‍රකාශයක් පසුගිය සතියේදී අභයාරාමයෙන් නිකුත් විය. ආණ්ඩුවේ ගමන් මගට අභියෝග කිරීම සඳහා ප‍්‍රමුඛ භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් මේ සතියේදී අභයාරාම පරිශ‍්‍රය තුළ රැුස්වීමක් පවත්වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් නිවේදනය කර තිබේ. සමහර විට අභයාරාම පාර්ශ්වයට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම දන් දීම ගැන මේ වෙලාවේදී ආණ්ඩුව තුළ කනගාටුවක් පවා ඇතිවීමට ඉඩ ඇත. මෙය ආණ්ඩුව බෙහෙවින් අප‍්‍රසාදයට පත්ව ඇති මොහොතකි. මිනිස්සු අරගලය සඳහා පාරට බසිති; නැවත ගෙදර යති. අභයාරාම රැුස්වීමෙන් පසු භික්ෂුන් වහන්සේලා පොදු ජනතාව සමග පාරට බැස්සොත් එය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුවට දුෂ්කර වීමට ඉඩ තිබේ. මන්ද මේ මොහොතේදී හටගන්නා ජන අරගලයක් හේතුවෙන් වැගිරෙන සෑම ලේ බිඳුවකටම පරමාණු බෝම්බයක විභවය තිබේ. ඒ නිසා මේ තත්ත්වය කළමනාකරණය කරගන්නා ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. මන්ද මේ වැඩ අල වුණොත් රට වැසියන් ලෙස අපට විශාල පරිප්පුවක් කෑමට සිදුවනු ඇත. කඬේ පරිප්පු කිලෝව දැනටමත් රුපියල් 500 කි. සතොසේ පරිප්පු මිල අඩු නමුත් එතැනින් එක් අයකුට ලබාගත හැක්කේ පරිප්පු ග‍්‍රෑම් 500 ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment