වතුකරයේ පක්‍ෂ 3ක් පුංචි ඡන්දයට සජබ සමග එක්වෙයි

123

කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග සන්ධානගතව තරග කිරීමට තීරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසීය.

පළාත් පාලන ආයතනවලට කොට්ඨාස මට්ටමින් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම එම කොට්ඨාසවල සිටින තම සාමාජිකයන්ට භාර කර ඇති බවත්, එම සාමාජිකයන් තෝරා දෙනු ලබන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මේ මස 14 වැනිදා කඳුරට ජනතා පෙරමුණ සහ තම පක්ෂය එක්ව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹ පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරදෙන බවත් පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment