වතුරට පෙර පොහොර දෙන්න… හෙනානිගල ආදි වාසීන්ගෙන් උද්ඝෝෂණ

123

මාස් කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබාදීමට පෙර පොහොර ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊයේ (21 දා* දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ආදිවාසී ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.

හෙනානිගල පදිංචි ගොවිතැනින් ජීවත් වන ආදිවාසීහු ගමේ වැව් පිටියට රැුස්වී ඔවුන්ගේ සම්ප‍්‍රදායට අනුව කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය දැක්වූහ. මෙහිදී ආදිවාසීහු කොළඅතු ඉණ දවටාගෙන ගිනි මැළයක් වටා නටමින් නෑයකුන්ට කන්නලව් කළහ. අනතුරුව කෘෂිකර්ම ඇමැතිවරයාට හා රජයට දොස් නඟමින් රිටිවලින් පොළොවට ගසමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාව නිමාකළ ඔවුහු තමන්ගේ ඉල්ලීම් විපක්ෂ නායකතුමාට දැන්වීම සඳහා සකස් කළ සංදේශයක් ආදිවාසී සම්ප‍්‍රදායට අනුව අම්පාර ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක ගයාන් දර්ශන මහතාට භාර දුන්හ.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment