වතුර බිල ඉහළ දමන්නත් කැබිනට් අනුමැතිය

115

දැනට පවතින ජල සම්පාදන සහ මළාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා ජලසම්පාදන ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජල සම්පාදන මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සහ ජනතාවට අඛණ්ඩව බාධාවකින් තොරව ජල සැපයුම සිදු කිරීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කෙරී ඇත.

ජල සම්පාදන මණ්ඩලයේ පුනරාවර්ථන මෙහෙයුම් පිරිවැය සහ ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය වන පරිදි මෙම ගාස්තු සංශෝධනය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment