වතු කම්කරු වැටුප රු. 1700ක් කිරීම ජනතාව රැවටීමට ආණ්ඩුව ගෙතූ කතාවක් – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

71

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700- දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව කීම ජනතාව රැවටීමට ආණ්ඩුව ගෙතූ කතාවක් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයිනට’ පැවසීය.

එම වැටුප් වැඩි කිරීමට අදාළව වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර සාමූහික ගිවිසුමක් පවතින අතර එම ගිවිසුම අනුව වැටුප් වැඩි කිරීමට අවශ්‍ය නම් වතු සමාගම් සමඟ අනිවාර්යයෙන් සාකච්ඡා කළ යුතුව ඇතැයිද හෙතෙම කීය.

එහෙත් එසේ නොමැතිව ඒකපාර්ශ්වීයව වැටුප් වැඩි කිරීමක් කිරීමට නොහැකි බවද කී කිරිඇල්ල මහතා තමන්ද වැවිලි කර්මාන්ත ඇමැතිවරයා ලෙස දෙවරක් කටයුතු කළ බැවින් ඒ පිළිබඳව හොඳින් දන්නා බවද කියා සිටියේය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කළ යුතු බවට සමගි ජන බලවේගයද යෝජනා කරන නමුත් එය රජයකට පමණක් ඒකපාර්ශ්වීයව කළ නොහැකි යැයිද පැවැසීය.

එබැවින් ආණ්ඩුව මේ දෙන ලද පොරොන්දුව ජනතාව රැවටීමේ අරමුණින් ප්‍රකාශයට පත් කරන ලද්දක් බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment