වනඅලි පහරදීමෙන් කුඩා හල්මිල්ලෑවේ ශ්‍රීපාද ලාංඡන රජමහා විහාරයට දැඩි හානි

74

වන අලි පහරදීම හේතුවෙන් මානින්ගමුව කුඩා හල්මිල්ලෑව, ශ්‍රීපාද ලාංඡන පුරාණ රජමහා විහාරස්ථානයට දැඩි හානි සිදුව තිබේ.

ඊයේ (27 දා) එම විහාරස්ථානයට ඇතුළු වූ වන අලින් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විහාරස්ථානයේ දාන ශාලාවේ සහ මුළුතැන්ගෙයි බිත්ති කඩා දමා විනාශ කර ඇති බව ගම්වාසීහු පවසති.

විහාරස්ථාන භූමියට ඇතුළු වූ වන අලි වගා කර තිබූ කෙසෙල් වගාව ද විනාශ කර දමා ගොස් තිබූ බව විහාරවාසී මන්දාරම් නුවර ජිනතිස්ස හිමිපාණන් පැවසූහ. වැඩිදුරටත් අදහස් දැක්වූ ජිනතිස්ස හිමියන් පැවසුවේ, මේ හල්මිල්ලවැව පුරාණ රජමහා විහාරස්ථානය කියන්නේ ඉපැරණි නටබුන් රාශියකින් සමන්විත ස්ථානයක්. තන්තිරිමලේ පුදබිම පෙනෙන මානයේ තමයි පිහිටා තිබෙන්නේ. දිනපතා වන අලි විස්සකට වැඩි රංචුවක් සවස් කාලයේ සිට අලුයම දක්වා මෙම ගම්මානය අවට සැරි සරනවා. ගම්වාසීහු වන අලි තර්ජන හේතුවෙන් දැන් ඉන්නේ ඉතා බියෙන්. අපි ඉල්ලා සිටින්නේ බලධාරීන් මැදිහත් වෙලා කඩිනම් විසඳුමක් මීට ලබාදෙන ලෙසයි.”

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment