වනජීවියෙන් ඇල්ලූ ජර්මන්  ජාවාරම්කරුවන්ට ඇප නෑ

153


සිංහරාජ රක්ෂිතයේ දුර්ලභ සත්ව හා ශාක කොටස් ඇතුළු වෙරළ වෙරළබඩ තීරයේ ජීවත් වන බෙල්ලන් හා කකුළුවන් වැනි සතුන් ජර්මනියට රැුගෙන යෑමේ ජාවාරමක නිරත වූ බව කියන ජර්මන් ජාතිකයන් දෙදෙනකු වනජීවී දෙපාර්තුමේන්තුවේ සිංහරාජ වන අඩවි කාර්යාලය හා දෙනියාය පොලිසිය එක්ව 26 දා දින රාත‍්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සංචාරකයන් දෙදෙනා වනජීවි දෙපාර්තමේන්තුව මගින් මොරවක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබියදී  සොයාගන්නා ලද ශාඛ කොටස්, සතුන්  හඳුනාගැනීම සඳහා අදාළ තොරතුරු වාර්තා කිරීමට කෞතුකාගාර අධ්‍යක්ෂකවරයාට සහ උද්භිත උද්‍යාන අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කොට තිබේ.

වැලිගම – එන්. එන්. මුරුතවලගේ

advertistmentadvertistment
advertistmentadvertistment