වනජීවිය නෑ… අලිවෙඩි නෑ… ගෙවල් කඩයි… වී අස්වනු කා දමයි… වන අලින් 50 ක් මහියංගනයේ බලය අල්ලති!

142

මහියගණය, සොරබොර, ගුරුමඩ ගම්මානයට මේ දින වල 50කට අධික වන අලි රංචුවක් සතියකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැමිණ සිටිමෙන් ගම්වාසීන් මහත් සේ භීතියට පත්ව ඇත. බොහෝ වෙහෙස මහන්සියෙන් ගොවිතැන් කර ගෙට ගත් වී අස්වනු නිවෙස් තුළ ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්වයක් උද්තව ඇති අතර දිනපතා නිවෙස් කඩා නිවෙස් තුළ ඇති අස්වනු කා දැමීමෙන් ගම්වාසීන් මහත් සේ අසරණභාවයට පත්ව ඇත.

වනජීවිය නෑ... අලිවෙඩි නෑ... ගෙවල් කඩයි... වී අස්වනු කා දමයි... වන අලින් 50 ක් මහියංගනයේ බලය අල්ලති!

වනජීවි නිලධාරින් නොපැමිීම, අලි වෙඩි ප‍්‍රමාණවත්ව නොලැබීම, අලි වෙඩි වලටත් මේ වන විට වන අලි බිය නොමැති තත්වයක් ඇතිව තිබීමෙන් ගම්වාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. ගොයම් පැළ කාලයේ සිට වී අස්වනු නිවසට ගන්නා තුරු වන අලි කුඹුරුවලට වැදී නිරන්තර විනාශයන් සිදු කරති. මහියංගණය හා අවට ගම්මාන යනු වසර  ගණනාවක් තිස්සේ වන අලි ග‍්‍රහණයට ලක් වෙමින්  ගම්වාසීන් පීඩාවට පත් කරමින් ඇති ප‍්‍ර දේශයක් බවට රටටම දන්නා කරුණකි.

වනජීවිය නෑ... අලිවෙඩි නෑ... ගෙවල් කඩයි... වී අස්වනු කා දමයි... වන අලින් 50 ක් මහියංගනයේ බලය අල්ලති!

මහවැලි ගෙ`ග් රැ`දී සිටින අලි, සොරබොර වැවේ සිටින අලි, රංදෙණිගල රක්ෂිතය, මාදුරුඔය රක්ෂිතයෙන් හා වස්ගමුව ජාතික උද්‍යානයේ සිට පැමිණෙන වන අලි රංචු කිහිපයක් මහියංගණය, මිණිපේ හා රිදිමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ට දැඩි ලෙස හානි සිදු කරමින් සිටින්නේය.

වනජීවිය නෑ... අලිවෙඩි නෑ... ගෙවල් කඩයි... වී අස්වනු කා දමයි... වන අලින් 50 ක් මහියංගනයේ බලය අල්ලති!


එහෙත් මේ වන විට වන අලි 50කට අධික අලි රංචුවක් ජනාකීර්ණ මහියංගණ නගරයට ඉතා ආසන්නයට පැමිණ සිටිම හේතුවෙන් ඉතාම ආසන්න කාලයකදී දැඩි විනාශයක් මිනිස් ජීවිත හානියක් සිදු වෙතැයි ප‍්‍රදේශවාසීන් මහත් බියකින් පසුවේ. කඩිනමින් මෙම වන අලි රක්ෂිතයක් තුළටම නිවැරදි ආකාරයෙන් පන්නා මහියංගණ, මිණිපේ හා රිදිමාලියද්ද ප‍්‍රා දේශීය ලේකම් කොට්ඨාස 03 ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර දෙන ලෙස ප‍්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. බලයට පැමිණි විගස ප‍්‍රථමයෙන්ම විස`දුම් ලබාදෙන්නේ වන අලි ගැටලූවට යනුවෙන් වහසි බස් දොඩා ඡුන්දය මංකොල්ල කා පසුව හහැමදාම කළේ එම ගැටලූව අමතක කිරීම බවද ජනතාව පවසති.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment