වන්දනාවේ පැමිණි මුවාවෙන්  කතරගමට කුඩු බෙදලා

168

ප‍්‍රධාන සැකකරු සහ පෙම්වතිය සමග  තවත් අයෙක් අත්අඩංගුවට

වන්දනාවේ පැමිණි මුවාවෙන් මහා පරිමාණයේ මත්කුඩු බෙදා හරිනු ලැබූ මත් කුඩු ජාවාරම්කරුවන් තිදෙනකු හෙරොයින් ග‍්‍රෑම් 15 යි මිලිග‍්‍රෑම් 800 ක් සහ අයිස් ග‍්‍රෑම් 07 යි මිලිග‍්‍රෑම් 100 ක් සමග සෙල්ලකතරගමදී අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය පෙරේදා (06 දා) රාත‍්‍රී සමත් වී තිබේ.

මත්කුඩු බෙදා හැරීම සඳහා සැකකරුවන් පැමිණි වැගන්ආර් වර්ගයේ මොටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. කතරගම පොලිසියට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් ප‍්‍රධාන සැකකරු අලූබෝමුල්ලේ පදිංචි අයෙකි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 5350 ක් හා අයිස් මිලිග‍්‍රෑම් 2100 ක් පොලිසිය සොයා ගෙන තිබේ.

මෙම ප‍්‍රධාන සැකකරුගේ පෙම්වතිය යැයි කියන මරදන්කඩවල පදිංචි කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 5300 ක් සහ අයිස් මිලිග‍්‍රෑම් 3000 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් ජාවාරම්කරු වූ උනන්විටිය, පාතවැලිවිටිය පදිංචි අයෙකි. ඔහු ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 5150 ක් හා අයිස් මිලිග‍්‍රෑම් 2000 ක් සොයාගෙන තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි
 

advertistmentadvertistment
advertistmentadvertistment