වන්නිනායකගෙන්  නව්‍ය තනු නිර්මාණ

64

මහවැලි සංස්කෘතික බළකාය විසින් කලා ලොවට දායාද කළ සෙනවිරත්න වන්නිනායකයන්ගේ ස්වර රටා ප්‍රවීණ ගායන ශිල්පීන් මෙන්ම නවකයන්ගේද හඬටද අපූර්ව වටිනාකමක් එක්කරයි. ගුවන්විදුලි සංස්ථාවේ බී ශ්‍රේණියේ ගායකයෙකු මෙන්ම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ඔහුගේ නව නිර්මාණ ගණනාවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් එළිදක්වා තිබේ. මෙම නව නිර්මාණ පිළිබඳ ඔහු මෙසේ පවසනවා.

 “පසුගිය දිනවල කීර්ති පැස්කුවල්, චන්දන ලියනආරච්චි, වසන්තා තිලකාංගනී වැනි ප්‍රවීණ ශිල්පීන්ට ගීත කීපයක් නිර්මාණය කළා. ඒ වගේම ඉන්දික ලියනගේ, නිපුණි නයනතාරා, දේවිකා චතුරානි වැනි නව පරපුරේ ශිල්පීන්ට නිර්මාණය කළ ගීත කීපයක් ඉදිරියේදී එළි දකින්න නියමිතයි. ගායකයෙක් සහ සංගීත අධ්‍යක්ෂ වරයෙක් විදිහට ඉදිරියටත් පුළුවන් කාලයක් සුභාවිත ගීත ගොන්නට නව නිර්මාණ එකතු කිරීම මගේ අරමුණයි.”

 – ප්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment