වන්නිලා ඇත්තන්ගෙනුත් ඡන්දයට කණ්ඩායමක්

236

ඉදිරි කාලයේදී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවහොත් ආදිවාසී ජනතාව වෙනුවෙන් ද ස්වාධීනව මැතිවරණයට පිවිසීමට සූදානම් බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ සඳහා අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරන ලෙස ආදිවාසී පළාත්වල නායකයන්ට දැනුම් දීමක් සිදුකළ බව ද සඳහන් කළේය.

ඒ අනුව අම්පාර, වාකරේ සහ පොල්ලෙබැද්ද යන ප්‍රදේශවල ආදිවාසී නායකයන්ට තමා මේ බව දැනුම්දී ඇතැයි ද වන්නිලෑ ඇත්තෝ පැවසීය.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයට දඹානෙන් තම පවුලේ සාමාජිකයකු යොදා ගැනීමට අදහස් කර නැතැයි ද කීවේය.

ආදිවාසී ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් පසුගිය කාලයේ කිසිදු දේශපාලනඥයකු විසින් ලබාදී නැතැයි ද ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් කීවේය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආදිවාසි ජනතාව අතර නියම සුදුස්සන් සිටින බව කී වන්නිලෑ ඇත්තන් දේශපාලන පක්‍ෂවලින් ඉදිරිපත් නොවී ස්වාධීනව තරග කිරීම වැදගත් බව ද කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment