වන්නිල ඇත්තන් ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට

172

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසී ප්‍රජාවගේ නායකයෝ රැසක් ඊයේ (18 දා) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හමුවූහ.

ඌව, නැඟෙනහිර, උතුරුමැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්‍ෂනායකවරයා වෙත භාරදීම මෙහිදී සිදුවිය. මෙහිදී පැවැති සාකච්ඡාවලදී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පැවසුවේ ආදිවාසි ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සඳහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment