වන්නි මානුෂීය මෙහෙයුමේ හමුදා සේනාංක 13 ක් ජිනීවා බ්ලැක් ලිස්ට් එකට

396

වන්නි මෙහෙයුම දියත් කළ සටන් සේනාංක 13ක් සම්පූර්ණයෙන්ම තහනම් (බ්ලැක්ලිස්ට්) ලක් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසම කටයුතු කර තිබේ. ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදුණු හමුදා සේනාංක තහනමට ලක්වූ මුල් අවස්ථාව මෙයයි. ජිනිවා මානව හිමිකම් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත්තේ එකී සේනාංකද යුද අපරාධවලට සම්බන්ධ බවට ඒකපාර්ශ්විකව නිගමනය කරමිනි.

මානව හිමිකම් කවුන්සිලය මේ බව විදේශ ඇමැති අලි සබ්‍රි වෙත දන්වා තිබේ.

මෙලෙස තහනමට ලක්කර ඇත්තේ 51, 59, 58, 64, 52, 57, 55, 21, 54, 56, 61, 62, 22, 23 සහ 24 වැනි සේනාංකය.

එසේම ශ්‍රී ලංකා හමුදාවට සහ හමුදා ප්‍රධානීන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා වසර 20ක් යනතුරු කිසිදු පරික්‍ෂාවකට ලක්කළ නොහැකි බවට මානව හිමිකම් කවුන්සිලය විසින් නීතියක්ද පනවා ඇත. එසේම යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන්ට නිදහසට කරුණු දැක්වීමටද නොහැකිය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment