වන්නි මෙහෙයුමේ රණවිරුවකුට ඇමරිකාවෙන් තහංචි

348

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ හමුදා මෙහෙයුම් දියත් කළ මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතාට ඇමරිකානු රජය ගමන් තහනමක් පනවා ඇත.

ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසුවේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සකුනානාදන්ගේ දිවුරුම් ප‍්‍රකාශයක් මත මෙම තහනම පනවා තිබෙන බවයි.

ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් ඝාතනය කළ බවට බොරු චෝදනා ඔහු වෙත ඉදිරිපත් වී ඇත.

මෙරට හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා පසුගියදා ඇමරිකානු කොංග‍්‍රසය හමුවේ සාක්ක්‍ෂි දෙමින් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක සහ නහනම් පනවන ලෙස ඉල්ලා තිබිණි.

මේජර් ජෙනරාල්වරයා සිය පවුලේ අය සමග ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් යෑමට කටුනායක ගුවන් තොටට පැමිණි අවස්ථාවේ සිංගප්පූරු ගුවන් සේවය ඔහුට සහ පවුලේ අයට ඊට ගොඩවීමට ඉඩ දී නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment