වනිදු අංක එක වෙයි

796

අන්තර්ජාතික විස්සයි 20 පන්දු යැවීමේ නවතම ශ්‍රේණිගතකිරීම්හි අංක එකට පැමිණීමට මෙරට කී‍්‍රඩක වනිදු හසරංග සමත් වී ඇත.
ඒ අනුව ඔහු ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුනු සංඛ්‍යාව 776 දක්වා වැඩි කරගෙනද තිබේ.
මෙතෙක් එහි පළමු ස්ථානයේ පසුවූ දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක ශම්සි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 770කි.
එහි තෙවැනි ස්ථානයට පැමිණීමට එංගලන්ත කී‍්‍රඩක අදිල් රෂීඩ් සමත් වී ඇත.
මීට අමතරව වනිදු තුන් ඉරියව් දස්තම් දක්වන කී‍්‍රඩකයින් අතරින් 04 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment