වනිදු වසරේ හොඳම විස්සයි විස්ස ලැයිස්තුවට

196

වසරේ අයි.සී.සී. පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානය සඳහා ශී‍්‍ර ලංකාවේ සුපිරි තුන්ඉරියව් කී‍්‍රඩක වනිදු හසරංගගේ නම නිර්දේශ වී තිබේ. ජගත් කි‍්‍රකට් කවුන්සිලය ඊයේ (29 වැනිදා) මේ බව නිවේදනය කර සිටියේය.

 වසරේ පන්දුවාර විස්සයි විස්ස කී‍්‍රඩකයාට හිමි සම්මානය සඳහා කී‍්‍රඩකයින් සිව් දෙනකුගේ නම් යෝජනා වී තිබේ. එ් අනුව වනිදුට අමතරව එංගලන්තයේ ජෝස් බට්ලර්, ඔස්ටේ‍්‍රලියාවේ මිචෙල් මාෂ් සහ පාකිස්තානයේ මොහොමඞ් රිස්වාන්ගේ නම ද ඊට ඇතුළත් වී තිබේ.

 මීට අමතරව වසරේ ටෙස්ට් කී‍්‍රඩකයාට හිමි සම්මානය සඳහා ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද යෝජනා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment