වනිඳුගේ සුපිරි පන්දු යැවීමෙන් RCB පළමු ජය ලබයි

496

වනිඳු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 3ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පෙරේදා (30 වැනිදා) සමත්විය. ඒ අනුව මෙවර ඉන්දීය පි‍්‍රමයර් ලීග් තරගාවලිය පළමු ජය වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබිණි.

තරගයේ කාසිය වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි නයිට්රයිඩර්ස් පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක් එල්ල කළ වනිඳු හසරංග ප‍්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නෝ නයිට්රයිඩර්ස් ඉනිම පන්දු වාර 18.5කදී මුළු ලකුණු 128 කට සීමා කිරීමට සමත් වූහ.

දක්ෂ පන්දු යැවීම නිරත වූ වනිඳු හසරංග සිය පන්දු වාර හතර තුළදී මුළු ලකුණු 20කට ප‍්‍රතිවාදී කඩුලූ 4ක් බිඳ දැමීමට සමත්විය. එ් අනුව එය ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී හසරංග විසින් මේ දක්වා වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්විය. මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්වන්නට ද හසරංග මේ දක්වා සමත්වී සිටී.

ආකාශ් දීප් ලකුණු 45කට කඩුලූ 3ක් සහ හර්ෂාල් පටේල් ලකුණු 11කට කඩුලූ 2ක් බිඳ දැමීය. නයිට්රයිඩර්ස් වෙනුවෙන් ලකුණු 25ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නට ඇන්ඩෲ රසල් සමත්විය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බැංගලෝර් කණ්ඩායම පන්දු වාර 19.3කදී කඩුලූ 7ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යෑමට සමත්විය. ෂර්ෆාන් රදර්ෆෝර්ඞ් ලකුණු 28ක් සහ ෂබාස් අහමඞ් ලකුණු 27ක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු සටහන

කොල්කටා නයට්රයිඩර්ස් පන්දු වාර 18.5කදී සියලූ දෙනා දැවී ලකුණු 128යි

රෝයර් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දු වාර 19.2කදී කඩුලූ 7ක් දැවී ලකුණු 132යි.

advertistmentadvertistment
advertistmentadvertistment