වනිඳුට තරගාවලියම මගහැරෙන ලකුණු

290

ඔස්ටේ්‍රලියාව සමගින් පැවැති පළමු එක්දින තරගයේදී ආබාධයට ලක්වූ වනිඳු හසරංගගේ තත්ත්වය තවමත් සුව අතට හැරී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව දෙරට අතර ඊයේ (19 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයටද ක්‍රීඩා නොකළ වනිඳුට තරගාවලියේ ඉදිරි තරග දෙකද අහිමි වීමේ වැඩි අවධානමක් පවතින බව වාර්තා වේ.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව වෛද්‍ය කණ්ඩයාමක් දිනපතා වනිඳුගේ තත්ත්වය පරික්ෂා කරමින් සිටින බවත් වනිඳු සම්පූර්ණ සුව අතට පත්වීමට සති දෙකක් පමණ ගතවන බවත් වාර්තා වේ. කෙසේ වෙතත් තරගාවලිය පුරා වනිඳු සංචිතයේ රැඳී සිටින බවද ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වේ.

 මේ අතර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට තව මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබීම හේතුවෙන් වනිඳු හසරංගව මෙම තරගාවලියේ ඉතිරි තරගවලින් විවේක ගැන්වීමට අදහස් කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ ප්‍රධානී මහචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment