වනිඳුට  පළමු ස්ථානය  අහිමි වෙයි

542

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වූ ශී‍්‍ර ලංකාවේ වනිදු හසරංගට එම ස්ථානය අහිමි වී තිබේ. එ් අනුව නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව වනිදුට පළමු ස්ථානය අහිමි වී තුන්වැනි ස්ථානය දක්වා පහත බැස ඇති බවට ඊයේ (16 වැනිදා) නිකුත් කෙරණු අයී.සී.සී. ය නිවේදනය කර සිටියේය.

 ඊයේ නිකුත් කෙරණු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය නැවතත් දකුණු අපි‍්‍රකාවේ ටබ්රිස් ශම්සිට හිමිව ඇති අතර දෙවැනි ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ ජෝෂ් හෙසල්වුඞ්ට හිමිව තිබේ. ශී‍්‍ර ලංකාව සමගින් කි‍්‍රයාත්මක විස්සයි විස්සයි තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ජෝෂ් හෙසල්වුඞ් මෙම ලැයිස්තෙුව් පියවර 4ක් ඉදිරියට එමින් දෙවැනි ස්ථානයට පත්වීම කැපී පෙනේ.

 ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරයේදී පළමු තරග දෙකේදී කඩුලූ 5ක් දවා ගැනීමට වනිදු හසරංග සමත්වූ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉතිරි තරග අහිමි වී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment