වනිඳුලාගේ ඉරණම අද තරගයෙන් විසඳේවි

550

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර අයිපීඑල් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලබා ගනීවිද නැද්ද යන්න තීරණය දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද (21 වැනිදා) පැවැත්වෙන තරගයේදී තීරණය වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරග 8 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 16 ක් හිමිකර ගෙන ඇති අතර අද තරගයට එක් වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් ලබාගෙන සිටී. දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි අතර තරගයෙන් දිල්ලි කණ්ඩායම ජයගත හොත් ඔවුන් අවසන් වටයට සුදුසුකම් ලබන අතර මුම්බායි කණ්ඩායම එම තරගය ජය ගත හොත් බැංගලෝර් කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර අතරට එක්වේ.

මේ අතර පෙරේදා (19 වැනිදා) පැවති තරගයෙන් බැංගලෝර් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයග්‍රහණයක් ලබාගත් අතර එම තරගයේදී වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුළදී ලකුණු 25කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment