වනිඳු අයි. පී. එල්. වෙන්දේසියේදී දිලී දිලී දිලිසෙයි – චමීර,  චාමික සහ  තීක්ෂණටත්  අයි.පී.එල්.  වරම්

466

ඉන්දීය පි‍්‍රමියර් ලීග් ඉතිහාසයේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයකුට හිමි වූ ඉහළම වටිනාකමට හිමිකම් කීමට ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන වනි`දු හසරංග සමත්විය. එ් පෙරේදා (12 වැනිදා* දිනයේදී පැවැතී අයි.පී.එල්. කී‍්‍රඩක වෙන්දේසීයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75කට වනි`දු මිලදී ගැනීමත් සමගිනි.

 කී‍්‍රඩක වෙන්දේසිය ආරම්භයේදී වනි`දුගේ අවසාන ලංසු මුදල ලෙස ඉන්දීය රුපියල් කෝටියක මුදලක් සටහන් වී තිබුණු අතර සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් විසින් ඔහු මිලදී ගැනීමට තරග කිරීම හේතුවෙන් වනි`දුගේ මුදල ඉන්දීය රුපියල් කෝටි 10.75ක් ලෙස ඉහළ ගියේය. එය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 29කට ආසන්න වේ. මේ අතර වනි`දුගේ ලංසුව ඉදිරිපත් කරන අතරතුර වෙන්දේසිකරු සිහිසුන්ව ඇද වැටීම මත එය පැයකට ආසන්න කාලයක් තාවකාලිකව අත්හිටුවීමටද සිදුවීම කැපී පෙනුණි.

 මේ අතර කී‍්‍රඩක වෙන්දේසියේ දෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (13 වැනිදා) දිනයේදී ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක දුෂ්මන්ත චමීරට සහ දඟ පන්දු යවන කී‍්‍රඩක මහීෂ් තීක්ෂණටත් අයි.පී.එල්. වරම් හිමි විය. එ් අනුව දුෂ්මන්ත චමීර ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කටත් මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසිනුත් මිලදී ගන්නා ලදී. චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 50කට මිලදී ගෙන තිබේ.

 මෙවර අයි.පී.එල්. වෙන්දේසිය සඳහා ලෝකයේ කී‍්‍රඩකයන් 600 දෙනකු ඉදිරිපත් වූ අතර එහිදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 23 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment