වනිඳු කියන්නේ ශී‍්‍ර ලංකා පිලේ තුරුම්පුවක් – මහීෂ් තීක්ෂණ

748

තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙස ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමේ හැකියාවකින් යුතු වනිඳු හසරංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ තුරුම්පු ක‍්‍රීඩකයෙක් බවත් අයර්ලන්තයට එරෙහිව තරගය සම්පූර්ණයෙන් කණපිට හරවා ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ගෙන දීමට ඔහුගේ පිතිහරඹය බෙහෙවින් ඉවහල් වූ බවත් මහීෂ් තීක්ෂණ පැවැසීය. ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ අයර්ලන්තය සමග පෙරේදා (20 වැනිදා) පැවැති තරගය ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මහීෂ් මේ බව ප‍්‍රකාශ කර සිටියේය.

මහේල ජයවර්ධන මහතා දිගටම කණ්ඩායම සමග සිටිනවා නම් තමන් කැමති බවත් එහෙත් ඔහු දිගටම කණ්ඩායම සමග සිටිනු ඇතැයි තමන් හිතන්නේ නැති බවත් මහීෂ් ප‍්‍රකාශ කර සිටියේය.

‘මහේල ජයවර්ධනගේ පැමිණීමත් සමග ශ‍්‍රී ලංකා පිලේ ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තාක්ෂණික පැත්ත හදනවාට වඩා ඔහු කළේ හැමවෙලේම ක‍්‍රීඩකයින්ගේ මානසික මට්ටම හැදුව එක. ඔහු ක‍්‍රීඩකයාගෙන් ක‍්‍රීඩකයාට සැලසුමක් දෙනවා කුමක්ද කළ යුත්තේ කියලා. ඒ වගේම සෑම ක‍්‍රීඩකයෙක්ම නිරවුල් මානසිකත්වයකින් යුතුව දැන් ක‍්‍රීඩා කරනවා’යි මහීෂ් අදහස් දැක්වීය.

අයර්ලන්තය සමග පැවැති තරගය ජය ගැනීමත් සමග අවසන් කණ්ඩායම් 12 අතර ප‍්‍රධාන තරගාවලිය සඳහා පිවිසීමට ලැබීම සතුටට කාරණයක් වුවත්, සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමට සිදු වීමෙන් කණ්ඩායමට යම් පීඩනයක් තිබූ බව මහීෂ්ගේ අදහස විය.

සාමාන්‍යයෙන් 7 වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිසෙන වනිඳු හසරංග අයර්ලන්ත සමග තරගයේදී උසස් වීමක් ලබමින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ පස්වැනි පිතිකරු වශයෙන් පන්දුවට පහරදෙනු ලැබීය. ශ‍්‍රී ලංකා පිලේ ලකුණු 08කට කඩුලූ 03ක් දැවී පවතින මොහොතක සාර්ථක වූ වනිඳු හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් පන්දු 47කදී ලකුණු 71ක් රැුස්කරන ලදී.

වනිඳු නොම්මර 5 ස්ථානයේ පන්දුවට පහරදීමට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහීෂ් ‘ගොඩක් වෙලාවට තරගයක පිතිකරණ අනුපිළිවෙළ කල් ඇතිව සකස් කරනවා. වනිඳු තමයි අපේ කණ්ඩායමේ ඉන්න තුරුම්පුව. එයාට ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. මේ තරගයේදී එයා එයාගේ කාර්යය හොඳින් ඉටු කළා’ යැයි කීය.

කෙසේ නමුත් වනිඳු හසරංග නොම්මර 05 පිතිකරු වශයෙන් පිටියට පැමිණීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධනගේ තීරණයකට අනුව සිදු වූවක් බව ක‍්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී. ‘එ්’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ නැමිබියාව සමග තරගයේදී සහ අයර්ලන්තය සමග තරගයේදී කඩුලූ 3 බැගින්

දවාගෙන සිටින මහීෂ් තීක්ෂණ මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම කඩුලූ ලාභියා ද වී සිටී.

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…
 

advertistmentadvertistment
advertistmentadvertistment