වනිඳු භානුක ගැටුමින් භානුකට ජය

407

අයිපීඑල් ක‍්‍රිකට් තරගාවලිය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම සහ පන්ජාබ්  කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයග‍්‍රහණයක් ලබාගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පෙරේදා (27 වෙනිදා) සමත් වූයේය.

 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදී ලබා දුන් ලකුණු 205 ඉලක්කය පන්දු වාර 19ක් තුළදී ඉක්මවා යෑමට පන්ජාබ් කිංග්ස් ක‍්‍රීඩකයෝ සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 22කදී වේගවත් ලකුණු 43ක් ලබා ගත්තේය.

 භානුක රාජපක්ෂ මෙම තරගයේදී හයේ පහර 4ක් එල්ල කිරීමට සමත් වූ අතර ඉන් 6 පහර දෙකක්ම වනි`දු හසරංගගේ පන්දු හමුවේ එල්ල කිරීමට ඔහු සමත් වූ අතර භානුක එල්ල කරන ලද හතරේ පහරවල් දෙකෙන් එකක්ද වනි`දු හමුවේ එල්ල කිරීමට සමත් විය.

 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන වනි`දු හසරංග මෙවර තරගාවලියේ ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක මායන්ක් අගර්වාල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුවද ඔහුගේ පන්දු වාර 4 තුළදී ලකුණු 40ක් ලබා ගැනීමට භානුක රාජපක්ෂ ප‍්‍රමුඛ ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයෝ සමත් වූහ.

 ලකුණු සාරාංශය

 රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම

 ලකුණු 205/2

 ෆැෆ් ඩු ෆ්ලෙසිස් 88, විරාත් කෝලි 41

 ආර්ශ්ඞීප් සිංග් 31/1, රාහුල් චහාර් 22/1

 පංජාබ් කිංග්ස් කණ්ඩායම

 ලකුණු 208/5

 භානුක රාජපක්ෂ 43, ශිකර් ධවාන් 43

 මොහොමඞ් සිරාජ් 59/2, වනිඳු හසරංග 40/1, හර්ෂාල් පටෙල් 36/1

advertistmentadvertistment
advertistmentadvertistment