වනිඳු ශී‍්‍ර ලංකාවේ බලාපොරොත්තු දල්වයි

462

විස්ස විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොලොස්‌ දෙනාගේ වටයේ ශී‍්‍ර ලංකාව සහභාගි වන හතරවැනි තීරණාත්මක තරගය ඊයේ (01 වැනිදා) එංගලන්තය සමගින් පැවැත්විණි. එ් අනුව සාජා නුවරදී ආරම්භ වුණු අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 47ක් ලබා සිටියේය.

ඊයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළේය. එ් අනුව පළමුවෙන් ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල මුලූ ලකුණු 13දී බිඳ දමමින් ජොස් බටලර් ලකුණු 09කට පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත්විය.

තරගයේ 5 වැනි පන්දුවාරය කි‍්‍රයාත්ම කළ දුෂ්මන්ත චමීර ඬේවිඞ් මලන් ලකුණු 6කට නැවත

කී‍්‍රඩාගාරයට හරවා යවමින් එංගලන්ත කණ්ඩායමේ දෙවැනි කඩුල්ල බිඳ දැමීමට සමත්විය.

අනතුරුව නැවතත් කි‍්‍රයාත්මක වූ හසරංග ශී‍්‍ර ලංකා බලාපොරොත්තු ඉහළ දමමින් එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල බිඳ දැම්මෙය. එ් අනුව තරගයේ 6 වැනි පන්දුවාරයේදී මුලූ ලකුණු 35ක්ව තිබියදී එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල අහිමි වී ගියේය.

ශ‍්‍රී ලංකා සංචිතය

පැතුම් නිශ්ශංක, කුසල් ජනිත පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර

එංගලන්ත සංචිතය

ජේසන් රෝයි, ජෝස් බට්ලර්, ඬේවිඞ් මලාන්, ජොනී බෙයාස්ටෝ, ඔයින් මෝර්ගන් (නායක), ලියාම්

ලිවින්ග්ස්ටෝන්, මොයින් අලී, ක‍්‍රිස් වෝක්ස්, ක‍්‍රිස් ජොර්ඩන්, ආදිල් රෂිඞ්, ටයිමල් මිල්ස්

කුෂාන් සුබසිංහ සාජා සිට…

advertistmentadvertistment
advertistmentadvertistment