වනිඳු 2020 අයිපීඑල් හොඳම කී‍්‍රඩක ලැයිස්තුවට

960

2022 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ මෙතෙක් හොඳම කී‍්‍රඩකයන් 10 දෙනා අතරට ශී‍්‍ර ලංකාවේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ නම ඇතුළත්ව තිබේ. මෙවර තරගාවලියේ තරග 20ක් අවසානයේදී දැක්වූ දක්ෂතා අනුව මෙම ලැයිස්තුව නම් කර තිබේ.

වනිඳු හසරංග අදාළ කී‍්‍රඩකයන් 10 අතර 8 වැනි ස්ථානයේ පසුවන අතර ප‍්‍රසාද ලකුණු 315ක් හිමිකර ගැනීමට ඔහු සමත්වී තිබේ.

වනිඳු මෙවර තරගාවලියේ රොයල් චැලෙන්ජරස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියේ තරග 20ක් නිමාවට පත්වනවිටදී තරග 4කට කී‍්‍රඩා කරමින් මේ වනවිට කඩුලූ 8ක් දවා ගැනීමට සමත්වී තිබේ. ඒ පන්දුවාර 16කදී ලකුණු 120ක් පමණක් ප‍්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

අදාළ කී‍්‍රඩක ලැයිස්තුවේ පළමු ස්ථානය උමේෂ් යාදව්ට හිමිව ඇති අතර ප‍්‍රසාද ලකුණු 448ක් හිමිකර ගැනීමට ඔහු සමත්වී තිබේ. කුල්දීප් යාදව් ප‍්‍රසාද ලකුණු 432ක් සමගින් එහි දෙවැනි ස්ථානයේ රැඳෙන අතර යුෂ්වේන්ද්‍රන් චාහල් ලකුණු 409ක් සමගින් එහි තෙැවනි ස්ථානයේ පසුවේ.

අයි.පී.එල්. හොඳම කී‍්‍රඩක ලැයිස්තුව

1 උමේෂ් යාදව් – 448

2 කුල්දීප් යාදව් – 432

3 යුෂ්වේන්ද්‍ර චාහල් – 409

4 ජොස් බට්ලර් – 377

5 ලියම් ලිවින්ස්ටෝන් – 365

6 ක්වින්ටන් ඩිකොක් – 335

7 ශුබ්මන් ගිල් – 317

8 වනිඳු හසරංග – 315

9 අවිශ් ඛාන් – 303

10 ඇන්ඩෲ රසල් – 280

advertistmentadvertistment
advertistmentadvertistment