වනි පළමුවෙනියා වෙයි

262

ලෝක විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී ඇත.

මීට පෙර දෙවැනි ස්ථානයේ පසු වූ ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සමඟ තරගයේ දී ලබා ගත් කඩුලු දෙකත් සමඟ ඔහු පෙරමුණට පැමිණ ඇති අතර ඔහුට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704ක් වේ.වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරේ ද පළමු ස්ථාන 10 තුළ රැඳී සිටීමට සමත්ව ඇති අතර ඔහු එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 168ක් ලබා ගනිමින් 8 වැනි ස්ථානයේ රැඳී සිටී. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පන්දු යවන්නන් අතර වනිඳුට අමතරව මුල් ස්ථාන 10 අතරේ රැඳී සිටීමට මහීෂ් තීක්ෂණ සමත්ව ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 655ක් ලබා ලබාගෙන තිබේ. පැතුම් නිශ්ශංක නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පිතිකරුවන් අතර පළමු ක්‍රීඩකයින් 10 අතර රැඳී සිටීමට සමත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment