වනී දෙකට පනී

361

පන්දු වාර 20-20 තරග අංශයේ පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග දෙවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබ ඇත.

මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වනිඳු විසින් ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා මත ඔහුට මෙම ස්ථානය හිමි වී ඇත.

එම තරගාවලියේදී මේ වනවිට වැඩිම කඩුලු ලාභියා වන ඔහු එහි දී දවා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 13ක් වේ.

පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදී වනිඳු අංක 5 ස්ථානයේ රැඳී සිටි අතර ඒ අනුව ස්ථාන තුනක් ඉහළ නැගි වනිඳු මේ වනවිට හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 697 කි. ප්‍රසාද ලකුණු 700ක් හිමි කරගෙන ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් පළමු ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ 10 වෙනි ස්ථානයට පත්ව ඇත.
කසුන් රණවීර ඔස්ටේ්‍රලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment