වන අලියා ගොපල්ලා මරා දමා මළ සිරුර කොළඅතුවලින් වහලා

772

වන අලියකු සිදු කළ පහරදීමක් හේතුවෙන් පෙරේදා (2දා) පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහ විලච්චිය, කිරල්පැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක හේරත් මුදියන්සේලාගේ ධර්මසේන හේමසිංහ බණ්ඩාර නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු මහවිලච්චිය, සූරිය දමන ප්‍රදේශයේ ඔහුට අයත් හේනක ගවයන් ගාල් කර දමා, එම සතුන්ගේ ආරක්ෂාව සඳහා හේන අසල ගසක් උඩ පැලක් සාදා රාත්‍රී කාලයෙහි එහි සිටින බව පොලිසිය කියයි. හේනට ගමන් කරන මාර්ගයේ එම පුද්ගලයාගේ සිරුර වැටී තිබී හමුවූ බවත්, සිරුර වන අලියා විසින් ගස්වල කොළ අතු කඩා දමා වසා දමා ගොස් තිබූ බවද ප්‍රදේශවාසීහු පැවසූහ. මෘත දේහය සම්බන්ධයෙන් මහවිලච්චිය හදිසි මරණ පරීක්ෂක එච්. ජී. ගුණපාල මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෙම මරණයට හේතුව වන වන අලි පහර දීමකින් සිදු වූ බවට නිගමනය කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment