වන අලියෙක් කල්තොට දෙවනත් කරයි

150

බළන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ දියවින්න කළුපේඩිගම ප‍්‍රදේශයේ නිවාස කිහිපයකට හා බස් මගී ආවරණයකට වන අලි විසින් හානි සිදු කර ඇත. 17දා උදෑසන 6.30ට පමණ පැමිණි වන අලියෙකු මහ මග ගමන් කළ බස් රථයක් පසුපස ද හඹා ගොස් ඇති අතර නිවෙස්වල ඉදිරිපිට කණු වලට පහර දී දේපළවලට හානි පමුණුවා ඇති බව ගම්වාසීහු පැවසූහ. මේ පිළිබද වනජීවි නිලධාරින් දැනුවත් කර ඇති බව ද ඔවුහු ස`දහන් කළහ.

මේ සම්බන්ධයෙන් කල්තොට පොලිසියෙන් විමසූ විට එහි නිලධාරියෙකු ප‍්‍රකාශ කළේ කටුපත්ඔයෙන් මෙගොඩට පැමිණි වන අලියෙකු ප‍්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කළ අතර එසේ යන අතරම`ගදී නිවාස කිහිපයකට පහර දී යළි උඩවලව වනෝද්‍යානය දෙසට පළා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

බළන්ගොඩ එන්.එච්. පියසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment