වන අලියෙකු පහර දීමෙන් අඹන්පොළ නො සන්සුන්

92

අද අලුයම් කාලයේදී මහව පොලිස් වසමට අයත් වඳුරැස්ස, දළදාගම මහව ලිපිනයේ පදිංචි හැටඅට හැවිරිදි ඩී.එම් සුනිල් ප්‍රේමචන්ද්‍ර නැමැති පුද්ගලයෙකුට ඔහුගේ නිවස අසල දී වනඅලියෙකු පහර දීමෙන් බරපතළ තුවාල ලබා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් ඔහුව අඹන්පොළ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත්තේ ඔහුගේ තත්ත්වය බරපතළ බැවිනි. මෙම වසර තුළ මෙම ප්‍රදේශය තුළ පස් වතාවක් මෙලස වනඅලි පහරදීම් සිදු වී මිනිස් ජීවිත 4ක් අහිමිව ගොස් ඇත.

වන අලියෙකු පහර දීමෙන් අඹන්පොළ නො සන්සුන්

වනජීවිය ඇතුළු නිලධාරීන් කොපමණ දැනුවත් කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති නිසාවෙන් ජනතාව දැඩි ලෙෂ ප්‍රකෝප වී උදෑසන 8ට පමණ ප්‍රදේශවාසීන් එක් රැස් වී අඹන්පොළ – නිකවැරටිය අතුරු මාර්ගය වඳුරැස්ස ප්‍රදේශයෙන් අවහිරකර කරමින් විරෝධතාවයේ යෙදී තිබේ. ඊයේ රාත්‍රි කාලයේදී වනඅලීන් විසින් විනාශ කරන ලද කෙසෙල් කොට හා තවත් බෝග ජනතාව විසින් මාර්ගයට දමා තිබූ අයුරු ද දැක ගතහැකි විය. මෙලෙස මාර්ගය හරස් කිරීම නිසා රාජකාරි සඳහා අඹන්පොළට හා නිකවැරටියට යමින් සිටි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇත. කිලෝ මීටරයක පමණ දිගු වාහන පොලීමක්ද දැක ගතහැකි වූ අතර අඹන්පොළ පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් මෙම ස්ථානයට පැමිණීමෙන් පසු එහිදී ජනතාව හා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

සවස 03ට අදාල බලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට පොලිසිය පොරොන්දුවක් ලබාදීමෙන් පසුව පෙ.ව 10ට පමණ ජනතාව මාර්ගය විවෘත කිරීමට එකඟත්වය පළ කර තිබේ.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment