වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට්ටුවේ නීති රෙගුලාසි නිකුත් නොකිරීම නිසා වන අලින් වෙනුවෙන් පාරට බහිනවා

117

හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කෙරුණද මෙතෙක් ඊට අදාල නියෝග වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් නොකිරීමෙන් වන අලි ගැටලූව උග‍්‍ර වී තිබෙන බවත් ඉදිරි දෙසැම්බර් 21 වන දින වන අලින්ගේ වාසභූමිය වෙනුවෙන් නැවතත් අඛණඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බවත් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය මාධ්‍ය හමුවකට එක්වෙමින් ප‍්‍රකාශ කර සිටියේය.

වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට්ටුවේ නීති රෙගුලාසි නිකුත් නොකිරීම නිසා වන අලින් වෙනුවෙන් පාරට බහිනවා

එහි ලේකම් සමන් සුදර්ශන මහතා ප‍්‍රකාශ කළේ මේ වන විට අනවසර මහ පරිමාණ වගා කරුවන් විසින් වන අලින් වෙනුවෙන් වෙන් කෙරුණු භූමි ප‍්‍රදේශය හෙළි පෙහෙළි කරමින් සිටින බවත්” ගල්කොරි පවත්වාගෙන යන බවත්” ගල්කොරි සඳහා නව බලපත‍්‍ර ලබා දීම” රජයේ ව්‍යපෘති සඳහා ඉඩම් ලබා දීම” අඛණව සිදුවන බවයි.

මේ හේතුවෙන් දිනෙන් දිනම වන අලින් ගම් වදින බවත්” දේපළ සහ නිවාස ඇතැම් අවස්ථාවල තම ජීවිත වලින් පවා වන්දි ගෙවීම ගොවීන්ට සිදු වී තිබෙන බවත් ඔවූහු පෙන්වා දෙති.

ආසන්නම සිදුවීම වාර්තා වූයේ සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ සේවකයින් දෙදෙනකු වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත් වීමයි.

තවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ජාවකට අනුව අලි වැට සකස් කිරීම” ගම්මාන වල සිටින වන අලි ඉවත් කිරීම” රක්ෂිතය තුළ ඉන්න අනවසර වගාකරුවන් ඉවත් කිරීම” වන අලින්ට අවශ්‍ය පහසුකම් රක්ෂිතය තුළ ඇති කිරීම යන කාරණා එකක් හෝ ඉෂ්ඨ නොකළ බවද සුදර්ශන මහතා පවසා සිටියේය.

මේ හේතුවෙන් ගොවිබම් ආරක්ෂා කර ගැනීම සදහාත්” දේපළ නිවාස සහ ජීවිත රැක ගැනීම සඳහාත් නැවත වීදි සටන් ආම්භ කරන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසූහ. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිත ගැසට් කරන ලෙස ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ. බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතු කොටගෙන මාරාන්තින උපවාස අවස්ථා දෙකකදී සිදු කිරීමට විරෝධතා කරුවෝ කටයුතු කළහ. කෙසේ වෙතත් දින 108 ක් පුරාවට අරගල කිරීමෙන් අනතුරුව මෙම වසරේ අපේ‍්‍රල් 09 වන දින වන ජීවි රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය හෙක්ටයාර 23746 කට ආසන්න ප‍්‍රමාණයක් ලෙස ගැසට් පත‍්‍රයක් ලෙස මුද්‍රණය කෙරිණි‘

සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment