වන අලි ගැටුමට විසඳුම් ඉල්ලා වීදි බසිති

71

වන අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතාවක් ඊයේ (9 දා) මහියංගනයේදී පැවැත්විණි.

එම ස්ථානයට පැමිණි බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ඇතුළු මහියංගණ පොලිස් නිළධාරීන් මාර්ගය අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීම් සිදු කරනු ලැබුවද විරෝධතාවයේ යෙදී සිටි පිරිස ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබෙන තුරු මාර්ගයෙන් ඉවත් නොවන බව පවසා සිටියේය. විරෝධතාව හේතුවෙන් මහියංගණ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට පිළිතුරු ලබාදීම සඳහා මහියංගණ ප්‍රාදේශීය ලේකම්වරයාට එම ස්ථානයට පැමිණෙන ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිස ඉල්ලා සිටි නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන්, පූජ්‍ය අම්බාලේ රතන හිමියන් ප්‍රධානව කීප දෙනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ගොස් මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා සමඟ සාකච්ඡාවක නියැලිණි.

එහිදී මහියංගණ පොලිස් ස්ථානාධිපති වරයාගේ මැදිහත් වීමෙන් ජනාධාපති කාර්යාල නිළධාරියෙකුද දුරකථන මාර්ගයෙන්, විරෝධතාවය සංවිධානය කළ පූජ්‍ය අම්බාලේ රතන හිමියන් සමඟ සාකච්ඡාවේ නිරත විය.

ඒ සමගම ප්‍රා. ලේකම් ලේකම්වරයාද විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මහියංගණ ප්‍රදේශයේ වන අලි මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සහිතව නිළධාරින් දෙදෙනෙකු ලබාදීමට පොරොන්දුවීමත් සමඟ විරෝධතාවය අවසන් කෙරිණි.
මහියංගනය රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment