වන අලි ගැන සොයන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි උනන්දුවක්

123


මෑතක දී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමකට වැඩිපුරම සහභාගි වූ මන්ත්‍රීවරු පිරිස ලෙස වාර්තා වී ඇත්තේ ඊයේ පැවැති වනජීවි හා වනසංරක්ෂණය පිලිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවටය. මෙහිදී වන අලි – මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

අවසන්වරට මෙරට වනඅලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දීය. එම වකවානුව තුළ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් අප රටෙන් වාර්තා වී තිබේ. එමෙන්ම දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment